Tuesday, September 8, 2009

ඉන්දියන් සාගර‍යේ මුතු ඇටය බදු වු අප ඉපදුන ලක් දෙරනේ ත්‍රස්තවාදීන් විසින් විනාශ නරමින් සිටිනා මොහොතක මගේ තාරුණ්‍යයද කැපකරමින් 1995 වර්ෂයේ දී මම යුධ හමුදාවට බැදුනෙමි. ත්‍රීකුණාමලය කැෆන්බර් පුහුණු පාසලෙන් මුලික පුහුණුව ලබා 3, වන ශ්‍රීලංකා පාබල හමුදාව වෙත ඇතුලත් වුවෙමි. එමඒකකයේ දියුධ හමුදාවේ පාඨමාලා අතරින් විමර්ෂන, බැලැන්ස්ටයිල්, ගුවන් සංග්‍රාමික, පාඨමාලා හදාරා යුධ නිපුනත්වය වර්ධනය කොට එයින් ලැබූ දැනුම සමග උතුරේ රණගොස, සත්ජය, ජයසිකුරු යන ක්‍රියාන්ව්ත ගනනාවකට සහභාගී වුවෙමි. එම ක්‍රියාන්විත වලදි අපට දිවා රෑ අව්ව වැස්ස ඝන වනාන්තර මඩ වගුරු සියළු අභියොග ජයගෙන අපමන දුක් විද දරාගෙන ඉදිරියට ගියෙමි. ත්‍රස්තවාදින් සමග සටන් පටන් ගත් පසු සැහැල්ලු අවි බිම් වෙඩි මරඋගුල් වලින් බේරි ත්‍රස්තවාදින්ගේ බලකොටු විනාශ කරමින් අපි ඉදිරියට ඇදුනෙමු. අප එකට සිටිනා සහෝදර සෙබලුන් තුවාල වුවද මියගියද අප අරමුන කරා ඉදිරියට යන්නමු. යුද්ධයේ කුරිරුකම අපට හොදින් වැටහී තිබුනෙමු. අප එක මොහොතක් නතර වුවහොත් අපගේ ජිවිතයද එතනින් නිමාවිමටද පුලුවනි සියළු සෙබලුන්ගේ අරමුණ ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගැනිමය.

ත්‍රස්තවාදින් ඔඩ්ඩුසුඩාන් ඉදිරි ආරක්ෂක වලල්ල බිද දමමින් පැමිනෙමින් සිටියේ අප සතු භුමිය ටික ටික ආක්‍රමණය කරමින්ය. ඔවුන්ගේ ගමන නතර කිරිමට අප ඒකකයට සහ විමර්ෂණ කාණ්ඩායමටත් විශාල කාර්ය්‍යක් පැවරුනි. ''1999" සැප්තැම්බර් මස 17 වෙනි දින අප ඒකකය සහ විමර්ෂණ කණ්ඩායම මාන්කුලම් ඝණ වනාන්තරය මැදින් නැදුන්කේනි මාර්ගයට පිවිසෙමින් සිටියේය. එම ගමනේ පෙරගමන් කරුවන් වුයේ අප විමර්ෂණ කණ්ඩායමය. උදෑසන 9.30 ට පමණ අප ඉදිරියෙන් ත්‍රස්තවාදින් මුණ ගැසුනේ නොසිතු ලෙසය. අප කණ්ඩායම ක්ෂණිකව දැඩි ප්‍රහාරයක් එල්ල කරේ කොටි ත්‍රස්තවාදින්ට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබය. මා ඉදිරියට වෙඩි තබමින් යන විටදි මගේ වම් පැත්තේ සිට කොටි කාන්තාවක් පසු පසට පැනගියේ මා විමතියට පත් කරමින්ය. ඉදිරියේ පලුගසක් සහ හුඹසක් විය. මගේ වම්පැත්තෙන් ගිය සෙබළා හුඹසට මුවාවී වෙඩි තබද්දි මම පලු ගසට මුවාවි වෙඩි තැබුවෙමි. වම් පැත්තේ සිටි සෙබළාගේ උරහිසින් දුමක් පිටවනු දුටුවා පමණි ඔහු මට වෙඩි වැදුනා කියමින් බිම ඇද වැටුනේය. මේ අතරතුර අප කණ්ඩායමේ සෙබල හෙට්ටිආරච්චිගේ හිසටද වෙඩි ප්‍රහාරයක් වැදුනමුත් ඔහුගේ හිස් ආවරණය නිසා ජිවිතය බේරුණි. ඉතාමත් බිහිසුණු ලෙස වෙඩි හුවමාරුව සිදුවෙද්දී මගේ පපුව හරහාද හෙණයක් වදින්නාක් මෙන් උණ්ඩය ඇදි ගියේ මාද බිම ඇද වට්ටවමිනි. පලුගසට මුවාවී සිදු වුයේ කුමක් දැයි බැලුවෙමි. මා පපු ආවර්ණයට ඇද සිටි ආවර්ණ තහඩුවද කුඩුවි මැගසින් එකද හිල් කරගෙන අත් බොම්බ දෙකට අගලක් උඩින් උණ්ඩය විසිවී තිබිනි. මගේ ජිවිතය බේරුනේ පෙරකල පිනකට යැයි මට සිතුනි.
අපගේ ප්‍රහාරයන් හමුවේ ත්‍රස්තයින් පසුබැස ගිය අතර සටන පැයකට අධික කාලයක් තිබුණි. මාගේ වම් පැත්තෙ ප්‍රහාරය පටන් ගැනිමේදි සිටි දිසානායකට කථා කලත් ඔහුගෙන් පිලිතුරක් ලැබුනේ නැත. පසුව සොයා බැලීසේදී ඔහු ඇතුලු තිදෙනෙක් මව්බිම වෙනුවෙන් මෙම සටනේදී දිවි පුදා තිබුනි. කොටි කාන්තාවො විස්සකට අධික ප්‍රමාණයක් මරා දැමීමට අපටහැකිවී තිබිනි. සියළු දේ අවසානයේදි මම පැලද සිටි පපු ආවර්ණය ගලවා බැලීමේදී එයට යොදා තිබු පේලේට් එක වැලි කැට ගානට කුඩුවි තිබුනි.

ඒ.... 2000. 02.07 වන දිනය හිරු අවරට බැස ගොසින් ඝන අදුර කෙමින් කෙමින් උදා වු මොහොතේ අප විමර්ෂණ කටයුක්තකට චාවකච්චේරි තණන්කිලප්පු ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේන් එපිටට පියමැන්නේ තුන්වන දිනටත්ය. මධ්‍යම රාත්‍රිය වනතෙක් අප කණ්ඩායම ත්‍රස්තවාදින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඉදිරියට ගියෙමු. අප ඉදිරියේ පටු මාර්ගයක් විය. එය නිරීක්ෂණය නිරිම මා ඉදිරියේ සිටි අනෙක් සෙබලුන් කරමුත් මම මගේ ප්‍රහාරක වෙඩි බලය සැපවිය හැකි ගිනි අවිය සමග ඉදිරිය පෙනෙනසේ ගමන් ගත් මාර්ගයෙන් අඩි දෙකතුනක් වම් පැත්තට ගියෙමි. එතන මොහොතක් නතරවිය එම අවස්ථවෙදි මහ හඩක් නගමින් මගේ වම් පාදයට පෑගී තිබු "පිඩන බිම් වෙඩිල්ල" පපුරා ගිගේය. එම මොහොතේදී මම බිම ඇදගෙන වැටුනෙමි. කුමක් වුවාදැයි නොදැනුනි ඝණ අන්ධ මුළු ප්‍රදේශයම වෙලී තිබුනි. වම්පාදයෙන් දැඩි වෙදනාවක් සමග හිරිගතියක් ඇතිවුනි. වේදනාව කියා නිම කිරිමට නොහැකි තැරම් විය.එත් මම වචනයක්වත් කථා නොකර සිටීමට දැඩි විර්ය්‍යක් ගන්නට සිදුවුනි. මම ඒ මොහොතෙත් සිටියේ සතුරු භුමියේ නිසාය. මම ‍ගෙන ගිය අවිය සමග පසු පසට ඒමට සුනම් වූ නමුත් මගේ වම් පාදය පොලවට නොවදිනා නිසා පාදය කුඩුවී ඇතැයි මට සිතුනි. ටික දුරක් දණගාගෙන ආ නමුත් කකුලෙන් එන වේදනාව නිසා දණ ගාගෙන එමටවත් නොහැකිය නැවත මාගේ ගිනි අවිය අධාරයක් සේ ගෙන ඇවිදගෙන එමට සුදානම් වුවත් එම පාදය කෙසේවත් බිමට නොවදිනා නිසා එයද අසාර්ථක විය නැවත මම වෙදනාව සහ අමාරුව හිතේ තදකරගෙන නැවතත් දණගාගෙන ඉදිරියටම ආවේමි. ඊට පසු මගේ සහොදර සෙබලුන් මම සොයා ගත්තෙමි එම මොහොත වන විට මා තුවාල වුබව මාසමග සිටි සියළු සෙබලුන් දැන සිටියමි. ඔවුන් විසින් අපගේ අධාරක කාලතුවක්කු, මොටර් වෙඩි බලය ඉල්ලා එම ප්‍රහාරද සතුරු භුමියට පතිත වෙමින් තිබුනි මා එම මොහොතේ පලාලි යුධ හමුදා රොහල වෙත ගෙන ගියේය පසුවදා උදැසන පලාලි සිට ගුවන් හමුදායානයෙන් රත්මාලාන ගුවන් හමුදා කදවුර වෙත ගෙන විත් කොළඔ යුධ හමුදා රොහල වෙත ගෙනාවේය මා යුධ පිටියට කල සේවය එතනින් නිම විය. එනමුත් මා හට දුකක් ඇත්තේ කොටි ත්‍රස්තවාදින් මේ ලක් දෙරනින් තුරන් කරනා තුරු මාගේ සේවය ඉටු කිරිමට නොහැකි වු බැවිනි. "මා ලක් බිමට කල සෙවය නිසා රණශුරපදක්කමෙන්ද පිදුම් ලැබුවේය...!

ඔබ සැමට තෙරුවන් සරණයි......!

No comments:

Post a Comment